ජනාධිපතිවරණය සදහා සිය ඡන්දය සලකුණු කිරීමෙන් අනතුරුව නිවෙස්වල රැදී සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලූ ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදී විශාල තිර යොදමින් කණ්ඩායම් ලෙස රැස්වී ඡන්ද ප්‍රතිඵල නැරඹීම මෙන්ම එවැනි දෑ සංවිධානය කිරීමෙන් වලකින ලෙසයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එම කොමිෂමේ සභාපති ආර්.එම්.ඒ. එල්. රත්නායක සදහන් කළේ.

මේ අතර ඡන්ද දායකයින් විසින් නිවැරදිව ඡන්දය භාවිත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඔහු මෙලෙස වැඩිදුරටත් කරුණු පැහැදිලි කළා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ද එක්ව සිටියා.

මැතිවරණ ප්‍රචාරණයට අදාළව හයලක්ෂයකට අධික පෝස්ටර් ප්‍රමාණයක් ඉවත් කිරීමට පියවර ගත් බවද ඔහු එහිදී සදහන් කළා.

source :- https://tinyurl.com/mswdvuu3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here