ජනාධිපති අපේක්ෂකයෙකු තමාට ඡන්දය දෙන ලෙසට අස්වැසුම ප්‍රතිලාභීන්ට එස්.එම්.එස් පණිවිඩයක් සමග හඬපටයක් යවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් පැෆරල් සංවිධානය මැතිවරණ ‌කොමිෂන් සභාවට ඊයේ (17) පැමිණිල්ලක් කළේය.

ලබන 21 වැනිදායින් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය නම් තමාට ඡන්දය දෙන ලෙස එම පණිවිඩයෙන් ඉල්ලීමක් කර ඇති බවත් එය පැහැදිලි වශයෙන්ම ඡන්දදායකයන්ට කළ බලපෑමක් බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

අස්වැසුම ලබාදෙන්නේ රජයේ සහ ජනතාවගේ මුදල් වලින් මිස අපේක්ෂකයන්ගේ පෞද්ගලික මුදල් වලින් නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ සිද්ධිය පිළිබඳව විශේෂ අවධානය යොමුවී ඇතැයි මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් පැවසීය.

මැතිවරණයකදී ඡන්දදායකයන්ට විවිධ දේ ලබාදෙන බවට පවසමින් ඡන්දය ඇයද සිටීම දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

source :- https://tinyurl.com/57j7ckc5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here