සෝදිසි වරෙන්තුවක් ලබාගෙන පොලිස් කාන්තාවක සමග වැටලීමකට ආ බව පවසා අනුරාධපුර සම්බාහන මධ්‍යස්ථානයකට ඇතුළුවී එම ආයතනය සෝදිසි නොකර සිටීමට රුපියල් 2000ක අල්ලස් මුදලක් ලබාගත් කොස්තාපල්වරයෙකුව අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඇලයාපත්තුව පොලිසියට අනුයුක්තව සේවය කරන 27 හැවිරිදි කොස්තාපල්වරයෙකි..

පසුගිය 14 වැනිදා රාත්‍රී 11.30 ට පමණ මෙම පොලිස් නිලධාරියා සම්බාහන මධ්‍යස්ථානයට පැමිණ පොලිස් නිල හැඳුනුම්පත පෙන්වා, සෝදිසි වරෙන්තුවක් ලබාගෙන තමන් කාන්තා නිලධාරිනියක සමග පැමිණි බව පවසා මෙම් ආයතනය සෝදිසි නොකර සිටීමට රුපියල් 3000ක මුදලක් ඉල්ලා තිබේ.

එම අවස්ථාවේදී සම්බාහන මධ්‍යස්ථානයේ සේවය සපයමින් සිටි කාන්තාවන් දෙදෙනකු බියට පත් වී රුපියල් 2000ක මුදලක් කොස්තාපල්වරයාට දී ඇති බවයි පොලිසිය සඳහන් කරන ලද්දේ.

source :- https://tinyurl.com/bdu473xv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here