ඉදිරි දින කිහිපයේ රටේ පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

අයහපත් කාලගුණ තත්ත්වයක් ඇති වීමෙන් ඡන්ද විමසීමට බාධා ඇතිවීම වැළැක්වීම සඳහා ඇවැසි පියවර සූදානම කිරීම සඳහා මෙම වාර්තාව කැඳවා තිබෙනවා.

එම වාර්තාවට අමතරව හෙට (20) වැනිදා සිට පැය තුනෙන් තුනට කාලගුණ වාර්තාව ලබා ගැනීමට කටයුතු කරන බවයි පැවසෙන්නේ.

අනපේක්ෂිත අයහපත් කාලගුණය හෝ එවැනි ආපදාවකින් ජනාධිපතිවරණ ඡන්ද විමසීමට යම් බාධාවක් වේනම් ඊට ඇවැසි පියවර ගන්නැයි සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ මැතිවරණ කොමිසන් සභාව විසින්.

මේ අතර හදිසි ගංවතුර තත්ත්වයකට මුහුණදීම සඳහා අවශ්‍ය පියවර ගන්නයිද මැතිවරණ කොම්ෂන් සභාව නාවික හමුදාවටද උපදෙස්දී ලබාදී ඇතයිද මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

source :- https://tinyurl.com/4pyb5a36

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here