තලපති විජේගේ 69 වන සිනමා නිර්මාණය පිලිබඳව නිවේදනය කර තිබෙනවා.

තලපති විජේගේ මෙම චිත්‍රපටය KVN Productions විසින් නිෂ්පාදනය කරන අතර H Vinoth ගේ අධ්‍යක්ෂණය සහ Anirudh Ravichander ගේ සංගීතයෙන් හැඩ වෙනවා.

තවමත් මෙම චිත්‍රපටය සඳහා නමක් නොමැති අතර ‘Thalapathy 69’ ලෙස දැනට හැඳුන්වනු ලබනවා.

මෙම චිත්‍රපටය 2025 ඔක්තෝම්බර් මාසයේදී දෙමළ, තෙළිඟු සහ හින්දි යන භාෂාවලින් සිනමාහල් වෙත පැමිණීමට නියමිතයි.

මෙම චිත්‍රපටය විජයගේ සිනමා දිවියේ අවසන් චිත්‍රපටය වනු ඇති බවයි සඳහන් වන්නේ.ඉන්පසු ඔහු පූර්ණ කාලීනව දේශපාලනයට පිවිසෙනු ඇත.

මාස කිහිපයකට පෙර ඔහුගේ ජනතා ව්‍යාපාරය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කල අතර එය “Tamilaga Vettri Kazhagam” වනවා.

ඔහු එහිදී පවසා සිටියේ තවත් චිත්‍රපට දෙකකින් පසුව රංගන ජීවිතයෙන් සමු ගෙන පූර්ණ වශයෙන් දේශපාලනට පිවිසෙන බවයි.

ඒ අනුව ‘Thalapathy 69’ චිත්‍රපටය ඔහුගේ අවසන් චිත්‍රපටය වනු ඇති.

මේ දිනවල විජේගේ ‘GOAT’ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරමින් සාර්ථකව තිරගත වනවා.

දශක තුනකට අධික කාලයක් දකුණු ඉන්දියානු සිනමාවේ නොමැකෙන නාමයක් සටහන් කල විජේ මේ වන විට ඉදියාවේ සිටින වැඩිම අයකිරීමක් සිදු කරන රංගන ශිල්පියෙක්.

source :- https://tinyurl.com/mrxu6s4v

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here