බ්‍රිතාන්‍යයේ විශාලතම පාසල් ජාලයක ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබෙනවා.

ඔර්මිස්ටන් ඇකඩමිස් ට්‍රස්ට් නැමති මෙම පාසල් ජාලයට ද්විතීයික පාසල් 32 ක් ඇතුළුව පාසල් 44ක් ඇතුළත්.

ඒ අනුව රට පුරා පිහිටි එම පාසල් 44 ක සිසුන් 35,000 කට පමණ ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය තහනම් වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඉගෙනීමට මෙම උපාංගය දැඩි බාධාවක් වන බැවින් සහ දරුවන්ගේ මානසික සෞඛ්‍යය යහපත් කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකරමිනුයි එම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව මෙම පාසල් ජාලය බි්‍රතාන්‍යයේ සම්පූර්ණයෙන්ම ජංගම දුරකථනවලින් නිදහස් වූ පළමු පාසල වන අතර, සිසුන් පාසලට පැමිණි විගස ඔවුන්ගේ ජංගම දුරකථන අදාළ නිලධාරියාට භාරදිය යුතු වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ සඳහා දෙමාපිය අදහස් ද සැලකිල්ලට ගෙන ඇති අතර, ඇතැම් දෙමවුපියන්ගෙන් මීට විරෝධයක් ද එල්ල වී ඇති බව සඳහන්.

source :- https://tinyurl.com/5n7jh4du

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here