පසුගිය ජූලි මාසයෙන් අවසන් වූ මාස හත තුළදි අපනයන ආදායම 5.6% කින් සහ ආනයන වියදම 9.1% කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව පසුගිය වසරේ ජූලි මාසයේ පැවති ඩොලර් මිලියන 367ට සාපේක්ෂව මෙම වසරේ ජූලි මාසයේදී ඩොලර් මිලියන 604 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

වැඩිම ආනයන වියදමක් දරා ඇත්තේ ඉන්ධන සඳහා වන අතර, එය ඩොලර් මිලියන 2,548 යි දශම එකක්.

රෙදිපිළි සහ රෙදිපිළි උපාංග සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 1,607ක්. බෙහෙත් සහ ඖෂධීය නිෂ්පාදිත සඳහා ඩොලර් මිලියන ඩොලර් මිලියන 322.9 ක් වැය කර තිබෙනවා.

එමෙන්ම වැඩිම අපනයන ආදායමක් උපයා ඇත්තේ රෙදිපිළි සහ ඇඟලුම්වලින්.

එය සටහන් වන්නේ ඩොලර් මිලියන 2,852.7ක් ලෙසටයි.

එම කාලසීමාව තුළ තේ අපනයනයෙන් ඩොලර් මිලියන 811.7 ක් උපයා තිබෙනවා.

source :- https://tinyurl.com/ne3ufend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here