තමා රට උදුරා නොගත් බවත් රට භාර ගැනීමට කවුරුත් නොමැති නිසා රට භාර ගැනීමට සිදුවූ බවත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පුළුවන් ශ්‍රී ලංකා විජයග්‍රාහී ජන රැලි මාලාවේ කැස්බෑව ජන රැලිය අමතමිනි.

“රට අර්බුදයක තිබූ අවස්ථාවේ එය භාරගෙන වෙනස් කිරීමට මට හැකි වුණා. මම ඒක කළේ එක විශ්වාසයක් මත. මම කාගෙන්වත් රට උදුර ගත්තේ නැහැ. ගන්න කවුරුත් හිටියේ නැහැ.” 

“දැන් රට ටිකෙන් ටික ගොඩගන්නවා. අපි දැන් ඒක තහවුරු කරන්න ඕනේ. ඒක කරන්න තව අවුරුදු තුන හතරක් යනවා. ඒ සඳහා වරම ඉල්ලන්න තමයි මම ඉදිරිපත් වුණේ.”

“ජීවන බර තවත් සැහැල්ලු කරන්න, බදු බර තවත් අඩු කරන්න, රැකියා උත්පාදනය සඳහා අපි සතුව වැඩපිළිවෙළක් තිබෙනවා.”

source :- https://tinyurl.com/3fuwv9ft

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here