ලබන 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 84ක් මේ වනවිට නිවෙස් වෙත බෙදා අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ හෙටින් පසුව නිවෙස් වෙත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු නොවන බවයි.

කෙසේ වෙතත් සෙනසුරාදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත් ලබන 18 වැනිදායින් පසු තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර තම ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනීමේ හැකියාව පවතින බවත් මැතිවරණ දිනය තෙක් ඒ සඳහා අවස්ථාව සලසා ඇති බවත් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ වැඩිදුරටත් පවසා සිටියා.

source :- https://tinyurl.com/3kudsusy

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here