
උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි නිෂ්පාදනයට අවශ්‍ය යුරේනියම් නිපදවන මධ්‍යස්ථානයක ඡායාරූප දර්ශන ප්‍රථම වරට ප්‍රසිද්ධ කර තිබෙනවා.
අදාළ ඡායාරූපවලින් එරට නායක කිම් ජොන් උන් විසින් අදාළ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටින අයුරු දක්නට ලැබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
සිය රටෙහි න්‍යෂ්ටි අවි නිෂ්පාදනය තව දුරටත් පුලුල් කිරීමට කටයුතු කරන ලෙසට කිම් ජොං උන් මීට පෙර විද්‍යාඥයින් ඇතුලු සිය නිලධාරීන්ට ප්‍රකාශ කර තිබුණා.

උතුරු කොරියානු නායකයා මෙම නිරීක්ෂණ චාරිකාව සිදුකළේ ද කවදාද සහ එම මධ්‍යස්ථානය පිහිටි ස්ථානය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව තොරතුරක් වාර්තාවී නොමැති බව සඳහන්.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු කොරියාව ප්‍රකාශ කර ඇත්තේ න්‍යෂ්ටික නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා වූ උතුරු කොරියානු සැලසුම් තරයේ හෙළා දකින බවයි.
source :- https://tinyurl.com/2xcymtkj









