මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 25 වනදා සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එමෙන්ම අනිද්දා පැවැත්වෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ දිවයින පුරා පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථාන 2,849 කදී අපේක්ෂකයින් තුන්ලක්ෂ 23,879 දෙනෙකු විභාගයට පෙනී සිටීමට නියමිත බවයි.

පැය භාගයකටවත් පෙර විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ අසුන් ගන්නා ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සිසුන්ගෙන් ඉල්ලා සිටියේ.

source :- https://tinyurl.com/4t5df93u

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here