ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පසුව මීළඟ සමාලෝචනය පැවැත්වෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ජූලී කෝසැක් මේ බව සඳහන් කළේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී ජූලී කෝසැක් කියා සිටියේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහකයා තීරණය කළ යුත්තේ, ශ්‍රී ලංකීක ජනතාව බවය.

ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසුව අපගේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා සමඟ ඉදිරියට යන බව ජූලී කෝසැක් කියා සිටියා.

ශ්‍රී ලංකාවට ඉතිහාසයේ දරුණුතම අර්බුදයෙන් ගොඩ ඒමට අවස්ථාවක් ලබා දීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම අරමුණ බව මෙහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළා.

source :- https://tinyurl.com/4w65nkvw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here