සිදු නොකළ ඝාතනයකට වරදකරු වීමෙන් පසු වසර 10ක කාලයක් සිරගත කර සිටි අමෙරිකානුවෙකුට වන්දි ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 50ක් ගෙවීමට එරට අධිකරණයක් තීන්දුවක් ලබාදී තිබෙනවා.

මෙය අමෙරිකානු ඉතිහාසයේ වැරදි සහගත අධිකරණ තීන්දුවකට පිරිනැමුණු විශාලම වන්දි මුදල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සති දෙකක කාලයක් පැවැති නඩු විභාගයකින් අනතුරුව මෙසේ වන්දි ලබාදී ඇත්තේ 34 හැවිරිදි මර්සෙල් බ්‍රවුන් නැමති පුද්ගලයෙකුටයි.

ඔහුට 2000 වසරේදී බටහිර චිකාගෝහිදී 19 හැවිරිදි තරුණයෙකුට වෙඩි තබා තබා මරා දැමීමේ චෝදනාවට වසර 35ක සිර දඬුවමක් නියම කර තිබුණා.

මිනීමැරුම් චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුට එරෙහිව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර පාපොච්චාරණයක් සිදු කරන ලෙස බල කර ඇති බවටයි නඩු විභාගයේදී හෙළි වී තිබුණේ.

source :- t.ly/0bzbx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here