
54 හැවිරිදි පියෙකු විසින් තම 23 හැවිරිදි දියණිය මාස හතරක ගැබිනියක් කිරීමේ සිද්ධියක් යාපනයේ ඉනුවිල් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මුලින්ම ඇයව බියගන්වා බලහත්කාරයෙන් දූෂණය කර ඇති අතර ඉන් පසුව කාලයක් පුරාම මෙම පියා බිරිදට හොරෙන් සිය දියණිය සමග අඹු සැමියන් ලෙස ජීවත් වී ඇති බවයි වාර්තා වන්නේ.
හදිසියේම ඇයට වැළදුණු අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීමට තෙලිප්පලෙයි රෝහලට ගිය අවස්ථාවේදී ඇය මාස හතරක ගැබිනියක් බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබෙනවා.

මේ ගැන තොරතුරු විමසීමේදී තරුණිය සියලු විස්තර වෛද්‍යවරුන්ට ප්‍රකාශ කිරීමෙන් පසුව එම වෛද්‍යවරුන් මේ සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසියට පැමිණිලි කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පොලිසිය සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර තරුණිය පූර්ණ වෛද්‍ය වාර්තවක් ලබා ගැනීම සදහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ සැකකටයුතු පියා මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට චුන්නාකම් පොලිසිය පියවර ගෙන ඇති බවයි.
source :- https://tinyurl.com/2w9v4zws







