ආගරපතන – හෙන්ෆොල්ඩ් වතුයායේ නිවසක් ඉදිරිපිට ත්‍රිරෝද රථයක තිබියදී හමු වු බිළිදිය වයරකින් ගෙල සිර කර ඝාතනය කර ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයේදි අනාවරණය වී තිබෙනවා.

අදාළ ත්‍රිරෝද රථය ගාල්කර තිබියදී එහි රියදුරුගේ මව සිදු කළ සොයා බැලීමකදී පොලිතින් බෑගයක දමා තිබූ බිළිදියගේ සිරුර පෙරේදා සොයා ගැනුණා.

ඒ අනුව සිදු කළ පැමිණිල්ලකට අනුව 28 හැවිරිදි එක්දරු පියෙකු වන ත්‍රීරෝද රථ රියදුරු මෙන්ම 24 හැවිරිදි කාන්තාවක්ද අත්අඩංගුවට ගනු ලැබුවා.

සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ කාන්තාව පවසා ඇත්තේ සැකකාර රියදුරු සහ තමන් අතර අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මාවනැල්ල ප්‍රදේශයේ නිවසකදී බිළිදිය බිහි කළ බවයි.

එම නිවසේ සේවය කරන තම සොහොයුරියගේ සහය ඇතිව බිළින්දියගේ ගෙල සිර කර ඝාතනය කර සිරුර සැගවිම සදහා ත්‍රිරෝද රථ රියදුරා සමග ආගරපතන ප්‍රදේශයට පැමිණි බව සැකකාර කාන්තාව පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

source :- https://tinyurl.com/mr42d946

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here