මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද (11) දින සහ හෙට (12) දින අවස්ථාව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ පසුගිය 04 වනදා දින සිට 06 වනදා දක්වා තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීමට හැකියාව පවතීන බවය.

ඒ අනුව අද දිනයේ දී තැපැල් ඡන්දය භාවිත කරන ඡන්දදායකයින් හට සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් ඡන්දය භාවිත කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියා.

එමෙන්ම මෙම දෙදින තුළදීත් තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වුවහොත් ඒ සඳහා වෙනත් කිසිදු දිනයක් හෝ ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් මස 21 වැනිදා හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටියා.

source :- t.ly/JlZeq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here