ප්‍රවීණ හඬ නළු ජේම්ස් අර්ල් ජෝන්ස් දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 93 කි. හොලිවුඩ් චිත්‍රපට ගණනාවක හඬ නළුවකු ලෙස කටයුතු කළ ජේම්ස් අර්ල් ජෝන්ස් දක්ෂ රංගන ශිල්පියෙක් ද විය.

ජේම්ස් අර්ල් ජෝන්ස් ලොව අතරේත් ජනප්‍රිය වූයේ, ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ නපුරා වන ඩාත් වේඩර්ට සහ ලයන් කිංග් කාටූන් චිත්‍රපටයට හඬ ලබා දෙමිනි.

ෆීල්ඩ්ස් ඔෆ් ඩ්‍රීම්ස්, කමින් ටු ඇමෙරිකා, කොනන් ද බාබේරියන් ඇතුළු චිත්‍රපට රැසකට ජේම්ස් අර්ල් ජෝන්ස් රංගනයෙන් දායක විය. සම්මාන රැසක් දිනාගත් ජේම්ස් අර්ල් ජෝන්ස්, 2011 දී, කලා ක්ෂේත්‍රයට කළ මෙහෙවර වෙනුවෙන්, ඔස්කාර් සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.

source :- t.ly/1z5aj

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here