
රනිල් වික්‍රමසිංහගේ පරාජය පිළිගත් මැති ඇමතිවරු 80 දෙනෙකු පමණ ලබන 21 වැනිදා රටින් පිටව යෑම සඳහා මේ වනවිටත් වීසා ලබාගෙන ඇති බව, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ, අද (09) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව ඇත්තේ බොහෝ දේ විකිණිම හා පෞද්ගලිකරණය ගැන බව මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා. මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය දැක්කාහම එයාලා ගොඩක් සිහින ලෝකයක සිටිනවා යැයි හැගෙන බව ඔහු කියා සිටියා.

ඒ අය දකින සිහින ලෝකය ප්‍රයෝගිකව සිදු කරන්නේ කෙසේ දැයි මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර නොමැති බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කර සිටියා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මැතිවරණය හුදෙක් සජත් ප්‍රේමදාස පරදවා අනුර කුමාර දිසානායක දිනවීමේ පරමාර්ථය ඇති බව ඔහු අනාවරණ කර සිටියා.
එමෙන්ම සෑම විමට වේදිකාවේ පවා අනුර මගේ මිත්‍රයා යැයි ජනාධිපතිවරයා පැවසීම තුළින් ගම්‍ය වන්නේ ඔහුගේ කට බොරු කිව්වාත් දිව බොරු නොකියන කියමන අනුව බව යැයි මන්ත්‍රී මුජිබර් රහුමාන් මෙහිදි කියා සිටියා.
මේ වන විට ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරණ රැළි බොහෝමයක් නවතා ඇති බව දැනගන්නට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වැඩිදුරටත් කියා සිටියා.
source :- https://tinyurl.com/mr475au8








