දමිළ සිනමාවේ සුපිරි නළු ජයම් රවී (Jayam Ravi) සිය බිරිඳවන ආරතිගෙන් දික්කසාද වීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, වසර 15ක විවාහ දිවිය අවසන් කිරීමට ඔවුන් මෙසේ තීරණය කර තිබෙන බවයි.

මෙම යුවළ විවාහ වී ඇත්තේ 2009 වසරේදීවන අතර, ඔවුන්ට පුතුන් දෙදෙනෙක් ද සිටිනවා.

එමෙන්ම ආරති යනු ප්‍රසිද්ධ රූපවාහිනී නිෂ්පාදිකාවක්වන සුජාතා විජයකුමාර්ගේ දියණියයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම තීරණය තමාට සහ තම බිරිඳට වේදනාකාරී එකක් වුවද, දෙදෙනා එය බොහෝ සේ සලකා බැලීමෙන් අනතුරුව ගත් තීරණයක් බවයි.

එමෙන්ම මෙම තීරණය හදිසියෙන් ගත් එකක් නොවන බවත්, පෞද්ගලික හේතූන් මත පදනම් වූවක් බවත්, ඔහු සඳහන් කරන්නේ.

එවැනි පියවරක් ගැනීමට නිශ්චිත හේතුව ඔහු මෙතෙක් හෙළි නොකළ අතර, එය ඔවුන් හා සම්බන්ධ සෑම දෙනාගේම යහපත මත පමණක් පදනම් වූවක් බවටයි ඔහු සඳහන් කර ඇත්තේ.

source :- https://tinyurl.com/yc5renny

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here