රැඩිකල්වාදීන් විසින් බංග්ලාදේශයට නව ගීතයක් සහ ධජයක් ඉල්ලා සිටීමත් සමගම, බංග්ලාදේශයේ ජාතික ගීය පිළිබඳ මතභේදයක් උද්ගත වී තිබෙනවා.

කෙසේවෙතත් රැඩිකල්වාදීන්ගේ එම ඉල්ලීමට එරෙහිව ඉකුත් දා බංග්ලාදේශයේ ප්‍රමුඛ සංස්කෘතික සංවිධානයක් වන උඩිචි ශිල්පි ගෝස්ති (Udichi Shilpi Gosthi) විසින් රටපුරා විරෝධතාවක් ද සංවිධානය ක‍ර තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඒ අනුව ඩකා වෙත රැස්වූ උඩිචි සාමාජිකයින් සහ තවත් සංස්කෘතික සංවිධාන රබීන්ද්‍රනාත් තාගෝර් විසින් රචිත ජාතික ගීය ගායනා කරමින් රැඩිකල්වාදීන්ට විරෝධතා දක්වා තිබූ බවයි.

ඒ අනුව රටේ ජාතික ගීයට එරෙහි කුමන්ත්‍රණ නොඉවසන බව පවසන ඔවුන් එහි දී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, එවැනි උත්සාහයක් දරන්නේ නම් සියලු ද්වේෂසහගත බලවේගවලට එරෙහිව ඒකාබද්ධ පෙරමුණක් ක්‍රියාත්මක කරන බවයි.

එහි දී උඩිචි සභාපති මහාචාර්ය බදූර් රහ්මාන් (Badiur Rahman) පවසා තිබුණේ, “1971 විමුක්ති යුද්ධය සිය විශාලතම අභිමානය බවත්, ඊට එරෙහි ඕනෑ ම කුමන්ත්‍රණයකට තමන් විරෝධය දක්වන බවයි.

මේ අතර සිය ජාතික ගීය, ජාතික කොඩිය සිය දේශයේ ජයග්‍රහණය බව පවසන ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, මිලියන ගණනකගේ රුධිරය හා පරිත්‍යාගයෙන් උපයා ගත් මෙම අභිමානවත් ජයග්‍රහණය කිසිඳු අයුරකින් කැළැල් කළ නොහැකි අතර, සිය විමුක්ති සංග්‍රාමයට, ජාතික කොඩියට සහ ජාතික ගීයට එරෙහිව කුමන හෝ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන විට හඬ නඟා විරෝධය පළ කරන බවයි.

source :- https://tinyurl.com/2w9xxzp4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here