එළඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මීට ටික වේලාවකට පෙර සමගි ජන බලවේගයේ විජයග්‍රාහී මහනුවර රැළියේදී ඇය සජිත් ප්‍රේමදාසගේ වේදිකාවට ගොඩවී සහය පළකර සිටියා.

බෙන්තර – ඇල්පිටිය ආසනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අවසන් වරට පාර්ලිමේන්තුවට පිවිසි ඇය, මේවන විට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදය, ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය,
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු කාරක සභාවල සාමාජිකත්වය දරනවා.

source :- t.ly/nfVtR

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here