මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂකයින් සහභාගී වන සජීවී විවාදය අද (07) පැවැත්වීමට නියමිතය.

මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධාන කරන මෙම විවාදය අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත් වෙයි.

ජනාධිපති ධුර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන මහත්වරුන් අද පස්වරු 3 සිට 5 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සජීවී විවාදයකට එක්වීමට නියමිතය.

එම විවාදය අද දෙරණ සහ අද දෙරණ 24 නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබේ.

source :- t.ly/-YOBB

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here