ජනාධිපති අපේක්ෂකයකු ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙන බව වාර්තා වනවා.

මෙවර ජනාධිපතිවරණයට තරග කරන ප්‍රබල අපේක්ෂකයකු ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ලද තොරතුරක් පිළිබඳව අතිශය රහසිගත වාර්තාවක් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය විසින් කරුණු ඉදිරිපත් කර ඇති බවයි පැවසෙන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ බී වාර්තාව රහසිගත මෙන්ම ආරක්ෂාකාරීව තබා ගන්නා මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක්ද කර ඇත.

එම ප්‍රහාර සැලසුම පිළිබඳ අනාවරණය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලබාදුන් පුද්ගලයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසිද නිකුත් කර ඇති බවයි පැවසෙන්නේ.

ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය වෙත නියම කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කරන ලෙසයි.

source :- https://shorturl.at/x3FjT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here