2024 සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීමේ තුන්වැනි දිනය අදයි.

ඒ අනුව, තැපැල් ඡන්දය ලකුණු කිරීමට අදාළ රාජ්‍ය සේවකයින්ට පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා ඡන්දය ප්‍රකාශ කළ හැකිය.

ඒ සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 1,500කට අධික සංඛ්‍යාවක පහසුකම් සලසා තිබෙනවා.

අද ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

මෙසේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ලබන 11 වැනිදා සහ 12 වැනිදාද ඡන්දය සලකුණු කළ හැකියි.

මෙවර තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා රාජ්‍ය සේවකයින් 712, 319ක් සුදුසුකම් ලබා තිබෙනවා.

source :- https://shorturl.at/F1QeJ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here