ඉන්දියාවේ 2024 මූල්‍ය වර්ෂය සඳහා වැඩිම අදායම් බදු මුදල් ප්‍රමාණයක් ගෙවූ කීර්තිමත් පුද්ගලයන් අතර ප්‍රථම ස්ථානයට ෂාරුක් ඛාන් පත්ව ඇති බවත් ඔහු 2024 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දීය රුපියල් කෝටි 92 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 310 ක පමණ මුදලක්) ආදායම් බදු ලෙස ගෙවා ඇතැයි ෆෝචූන් ඉන්දියා සඟරාව වාර්තා කර සිටිනවා.

මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය කොලිවුඩයේ සුපිරි නළු විජෙයි හිමිකරගෙන ඇති බවත් ඔහු පසුගිය ජූනි 30 වැනිදායින් අවසන් වූ 2024 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දීය රුපියල් කෝටි 80 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 280 ක පමණ මුදලක්) අදායම් බදු ලෙස ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.

එසේම මෙම ලයිස්තුවේ තෙවැනි සහ සිව්වෙනි ස්ථාන පිළිවෙළින් සල්මන් ඛාන් සහ අමිතාබ් බච්චන් හිමිකරගෙන ඇති අතර, ඔවුන් පිළිවෙළින් ඉන්දීය රුපියල් කෝටි 75 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 250 ක් පමණ) සහ ඉන්දීය රුපියල් කෝටි 71 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 240 ක් පමණ) ආදායම් බදු ලෙස ගෙවා ඇත.

ඊට අමතරව 2024 මූල්‍ය වර්ෂය සඳහා වැඩිම අදායම් බදු මුදල් ප්‍රමාණයක් ගෙවූ කීර්තිමත් පුද්ගලයන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම අජේ දේව්ගන්, විරාත් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි, රන්බීර් කපූර්, රිතික් රොෂාන් සහ සචින් ටෙන්ඩුල්කාර් සිටින අතර ඔවුන් සියලු දෙනාම 2024 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දීය රුපියල් කෝටි 28 කට වඩා (ශ්‍රී ලංකා රුපියල් කෝටි 90 කට වඩා) ආදායම් බදු ගෙවා තිබීම ද විශේෂත්වයක් වනවා.

මෙම ලැයිස්තුවේ අවසාන ස්ථානයේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් සහ අමීර් ඛාන් පසුවන අතර ඔවුන් දෙදෙනාම 2024 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දීය රුපියල් කෝටි 10 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 35 ක් පමණ) ආදායම් බදු ලෙස ගෙවා ඇති බවයි එම සඟරාව විසින් හෙළිකර ඇත්තේ.

source :- https://shorturl.at/2fYaq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here