විපක්ෂයේ දේශපාලන පක්ෂවල ආර්ථික ප්‍රතිපත්තිවලට අනුව බදු අඩු කිරීමට කටයුතු කළහොත් නැවතත් ආර්ථිකය කඩා වැටෙන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙහිදී රනිල් වික්‍රමසිංහ විසින් අනුර කුමාර පිළිබඳව ද සඳහන් කළා.

අනුර කුමාර මහින්ද රජයෙන් කෘෂිකර්ම ඇමතිකම ගත් බව පැවසූ ජනාධිපතිවරයා, “එම කාලයේ කෘෂිකර්මය හොඳට දියුණු වුණා නේද” යැයි සභාවෙන් විමසා සිටියා.

එහිදී සභාවේ සිටි අය සිනාසුණු අතර පසුව රනිල් වික්‍රමසිංහ “මොකද හිනානෙන්නේ” යැයි සඳහන් කර වේදිකාවෙන් නික්ම ගියා.

“පුළුවන් ශ්‍රී ලංකා” ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් යාපහුවේදී පැවැත්වුණේ මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරගවදින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්

source :- https://shorturl.at/oIM6N

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here