නිල තොරතුරු සහ ලේඛන හෙළිදරව් කිරීම නැවැත්වීම සඳහා අවසරයකින් තොරව සියලු ම රජයේ සේවකයින්ට සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් කරමින් පාකිස්ථාන රජය නියෝගයක් නිකුත් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව එරට රජයේ ආයතන විසින් නිකුත් කරන ලද කාර්යාල සංදේශයකට අනුව, 1964 රාජ්‍ය සේවක (චර්යා) රෙගුලාසි යටතේ උපදෙස් පිළිපදින ලෙසයි රාජ්‍ය සේවකයින්ට දන්වා තිබෙන්නේ.

එම නියෝගයට අනුව, රජයේ සේවකයින්ට අවසරයකින් තොරව කිසිදු සමාජ මාධ්‍ය වේදිකාවක් භාවිතා කිරීමට ඉඩ නොදෙන බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

ඒ අනුව “රජයේ කීර්තිනාමයට බලපාන අදහස් හෝ කරුණු ප්‍රකාශ කිරීමට රජයේ සේවකයන්ට නොහැකිය” යනුවෙන් එම සංදේශයේ සඳහන් කර ඇති අතර, රජයේ ප්‍රතිපත්ති, තීරණ, ජාතික ස්වෛරීභාවය සහ අභිමානයට එරෙහිව කතා කිරීමට සේවකයන්ට අවසර නොමැති බවද සඳහන් බවයි එම වාර්තාවල පැවසෙන්නේ.

එමෙන් ම පාකිස්ථානයේ රාජ්‍ය සේවකයින්ට අවසරයකින් තොරව සමාජ මාධ්‍ය වේදිකාවල තම අදහස් හෝ දේශපාලන මත ප්‍රචාරය කළ නොහැකි බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

source :- https://shorturl.at/okQsm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here