උසස් පාසලක සිදු වූ වෙඩි තැබීමකින් ජෝර්ජියාවේ පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් 9 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

බරෝ ප්‍රාන්තයේ වින්ඩර් හි ඇපලාචි උසස් පාසලට ඊයේ (04) මෙසේ වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවයි, ජෝර්ජියා විමර්ශන කාර්යාංශය පැවසුවේ.

ඒ අනුව, එම වෙඩි තැබීමට 14 හැවිරිදි පිරිමි ළමයෙකුට මිනීමැරුම් චෝදනා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ, වෙඩි ප්‍රහාරයෙන් සිසුන් දෙදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු මෙසේ මිය ගොස් ඇති බවයි.

source :- https://shorturl.at/YD8uT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here