ජනාධිපති අපේක්ෂක සජීව විවාදය පැවැත්වීම සඳහා වන සියලු කටයුතු සංවිධානය කොට ඇති බව මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය පවසනවා.
එම විවාදය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සැප්තැම්බර් මස 07,08 සහ 09 යන තෙදින තුළ එම විවාදය පැවැත්වීමට සංවිධානය කර තිබෙනවා.

මෙම විවාදයේ පළමු වටය එළැඹෙන 07 වනදා පවත්වනු ලබන්නේ ජනාධිපති අපේක්ෂකයින් සිව් දෙනෙකුගේ සහභාගී වන අතර මෙම විවාදයේ දෙවන හා තෙවන වට සඳහා අපේක්ෂකයෝ 12 දෙනෙකු පමණ සහභාගී වන බව දන්වා ඇති බව මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය පවසනවා.

විවාදයේ පළමු දිනය සඳහා ජනාධිපති අපේක්ෂකයන්ගේ වශයෙන් සජිත් ප්‍රේමදාස, නාමල් රාජක්ෂ, දිලිත් ජයවීර සහ පාක්කිය සෙල්වම් අරියනේත්තිරන් සහභාගී වන බව දැනුම් දී තිබෙනවා.

මේ අතර අනුර කුමාර දිසානායක මෙතෙක් සහභාගී වන බව දැනුම් සිදු කිරීමට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගීවීමට නොහැකි බව දන්වා ඇති බව මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය වැඩිදුරටත් කියා සිටියා.
source :- https://shorturl.at/ymWYG

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here