ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වන සංවත්සරය අදට (02)යෙදී තිබෙනවා.

“දිනුම රටට – එක්ව පෙරට” යන තේමාව මුල්කර ගනිමින් සංවත්සරය උත්සවය අද සවස 1.00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාර්ච් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව සඳහන්.

පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද ආරාධනා කර තිබෙනවා.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් 1951 වසරේ අද වැනි දිනක පිහිට වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලකෙන්නේ මැද මාවතේ දේශපාලන පක්ෂයක් ලෙසයි.

source :- https://shorturl.at/ygevM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here