ඊයේ (30) දිනයේදී ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදී ශ්‍රී ලංකා ඉනිම ක්‍රීඩාකරමින් සිටියදී කමිඳු මෙන්ඩිස් එල්ල කළ හයේ පහරක් ක්‍රීඩා ලෝලියෙකුගේ හිසේ වැදී තිබෙනවා.

ඒ, ප්‍රේක්ෂකාගාරයේ සිටි MCC සාමාජිකයෙකුගේ වන අතර, ශ්‍රී ලංකා ඉනිමෙන් අනතුරුව කමිඳු මෙන්ම ඇන්ජලෝ මැතිව්ස් ද පන්දුව හිසේ වැඳුණු ප්‍රේක්ෂකයා වෙත ගොස් ඔහුගේ තත්ත්වය පිළිබඳ විමසනු ලැබුවා

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ තොරතුරක් සඳහන් වන්නේ නැහැ.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ එකම නැංගුරම වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 74ක් රැස්කරගෙන සිටියදී ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් දැවී ගියා.

එමෙන්ම එංගලන්ත පළමු ඉනිමේදී අසිත ප්‍රනාන්දු ලකුණු 102කට කඩුලු 05ක් බිඳ හෙලීමට සමත්වුණා.

ඒ අනුව ඔහුට ඓතිහාසික ලෝඩ්ස් පිටියේ ටෙස්ට් ඉනිමකදී කඩුලු 5ක් දවා ගත් දෙවන ශ්‍රී ලංකා පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්වීමට ද අවස්ථාව උදාවිය.

අසිතට පෙර මෙම දස්කමක් දක්වා තිබුණේ රුමේෂ් රත්නායක වන අතර, ඔහු මීට වසර 33කට පෙර එනම් 1991 වසරේදී මෙම දස්කම දක්වා තිබුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here