ජපානයේ හිරෝෂිමා ආයතනය මගින් ළමයින් සදහා වන සාම සමුළුවේ දී ලෝක සාමය වෙනුවෙන් පැවති කථික තරගයේ දී එයට සහභාගී වූ ලොව අනෙකුත් රටවල් පරදා , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කවීෂි යශෝධරා දිවානන්ද සිසුවිය පැවැත්වු කතාවට “ලෝක සාමකාමී සම්මානය” ( World Peaceful Award ) හිමිව තිබේ.

දිනූ සම්මානය සමග ඇය කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියාය .

ඇය වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි .

මෙම සමුළුව ජපානයේ ටෝකියෝ නුවර ඉකුත් 20 දින පවත්වා තිබූ අතර එහිදී ඇය ලෝක සාම නියෝජිතවරියක ලෙස ද පත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here