යාපනය, නාගර්කෝවිල් හි ශ්‍රී මුරුගන් කෝවිලේ වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් පැවති වෙන්දේසියේදී අඹ ගෙඩියක් රුපියල් ලක්ෂ හතක මුදලකට වෙන්දේසි වී තිබෙනවා.

කොවිලේ වාර්ෂික මංගල්‍යයේ අවසන් දිනයේදී මෙලෙස අඹ ගෙඩියක් ලක්ෂ හතකට වෙන්දේසි වී ඇති බව සඳහන්.

යාපනය, නාගර් කෝවිල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් තමන් විසින් සිදු කළ භාරයක් ඔප්පු කිරීම් වෙනුවෙන් මෙලෙස ලක්ෂ හතකට මෙම අඹ ගෙඩිය මිලදී ගෙන තිබෙනවා.

ඔහු එම අඹ ගෙඩිය වෙන්දේසියෙන් අනතුරුව දෙවියන් වෙනුවෙන් පූජා කර ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here