සංචාරක ශ්‍රී ලංකා සහ එංගලන්ත අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කඩුළු 05කින් ජය වාර්තා කිරීමට ඊයේ(24) එංගලන්තය සමත් වුණා.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිමේදී සටන්කාමී ඉනිමක් දියත් කළ කමිඳු මෙන්ඩිස් ලෝක වාර්තා පොත් අතරට එක්වීමට සමත් විය.

ඔහු එම ශතකයත් සමග වාර්තා පොත් අතරට එක් වූයේ ටෙස්ට් තරග ඉතිහාසයේ පළමු ඉනිම් 07 තුළදී ශතක තුනක් වාර්තා කළ ලොව පළමු සහ එකම පිතිකරුවා ලෙසයි.

එලෙසම මෙම ශතකයත් සමඟින් කමිඳු වාර්තා අතරට එක්වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් නොම්බර 07 හෝ ඊට පහළ ස්තානයක වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා ලෙසයි. ඒ හිටපු කඩුලු රකින පිතිකරු ප්‍රසන්න ජයවර්ධන හා සමතැන් ගනිමින්.

ප්‍රසන්න ජයවර්ධන මෙම දස්කම දැක්වීමට ඉනිම් 70ක් වැය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here