ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් වෙත රුපියල් බිලියන 2ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇත.

රවුෆ් හකීම් සිදුකළ බව කියන අපහාසාත්මක ප්‍රකාශයක් හරහා තම කීර්ති නාමයට සිදු වූ හානිය වෙනුවෙන් අනුර කුමාර දිසානායක මෙම එන්තරවාසිය යොමුකර තිබේ.

2019 මැයි මාසයේදී මන්ත්‍රී අනුර දිසානායක විසින් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක්, හිතාමතාම වැරදි ලෙස අර්ථකථනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හකීම් 2024 අගෝස්තු මාසයේදී කාත්තන්කුඩියේදී දෙමළ භාෂාවෙන් ප්‍රකාශ කළ බව එම එන්තරවාසියේ සඳහන් වේ.

තමාගේ කීර්ති නාමයට හානි කිරීමට මෙන්ම, මහ ජනතාව තුළ තමාට ඇති ගෞරවය හීන කිරීමට සහ දේශපාලන නායකයෙකු හා ජනාධිපති අපේක්ෂකයකු ලෙස තමාට ඇති මහජන ප්‍රතිරූපයට හානි කිරීම සඳහා ද්වේශ සහගත ප්‍රකාශයක් සිදුකර ඇති බවට ද දිසානායක මන්ත්‍රීවරයා එමගින් වැඩි දුරටත් චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here