
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාරතී දුෂ්මන්ත මහතා සහ අංගජන් රාමනාදන් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර තිබේ.
ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය නියෝජනය කළ මන්ත්‍රීවරුන් දෙදෙනෙකි.
සාරතී දුෂ්මන්ත මහතා පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් ලෙස පත් කෙරුණි.

ඒ ශ්‍රීලනිපයේ මහලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකර මහතාට එම තනතුර අහිමිවීමත් සමගය.
එමෙන්ම, සාරතී දුෂ්මන්ත මිත්‍රපාල 2015 වසරේ දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්ව වුණා.
මේ අතර, ඔහු 2020 වසරේ පාර්ලිමේන්තුවට තෙරී පත්වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්.
අංගජන් රාමදාදන් මහතා පළමුවරට ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් 2015 වසරේ පාර්ලිමේන්තුවට සුදුසුකම් ලැබූ අතර ඔහු ගියවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු වරම් දිනා ගත්තේය.
කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී ඇති ඔවුන් දෙදෙනා සිය සහාය ලබාදෙන බව දැනුම්දී තිබේ.








