
වැල්ලවාය පොලිස් වසමේ ඇල්ලපාර ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයකින් ළමයින් හතර දෙනෙකු අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.
15 හැවිරිදි වියේ පසුවන පිරිමි ළමුන් දෙදෙනෙක් හා අවුරුදු 16,14 වියෙහි පසුවන පිරිමි ළමුන් දෙදෙනෙකු මෙලෙස අතුරුදහන් වී ඇති බව සඳහන්.
මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම ළමුන් සිව් දෙනා ළමා නිවාසයට නොදන්වා පිටව ගොස් ඇති බවයි.








