මැතිවරණ කොමිෂන් සභාව විසින් පැන වූ මැතිවරණ වියදම් සීමා යටතේ එක් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට දිනකට රුපියල් කෝටි 06කට ආසන්න මුදලක් ජනාධිපතිවරණය වෙනුවෙන් වැය කිරීමට අවස්ථාව උදා වී ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ දෛනිකව විශාල මුදලක් වැය කිරීමට මේ වන විටත් අවසර ලැබී ඇති බැවින් පවතින වියදම් සීමා නීති ආරක්ෂා කිරීම සියලු පාර්ශවවල වගකීම බවයි.

මේ අතර ජනාධිපති අපේක්ෂකයෙකුට එක් ඡන්ද දායකයෙකු සඳහා රුපියල් 109ක් වැය කළ හැකි බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here