සූරියවැව කපුකිණිස්ස ප්‍රදේශයේ නිවසකදී මව අතින් වායු රයිපලයක් පත්තු වීමෙන් ඇගේ තුන් හැවිරිදි පිරිමි දරුවා තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

යාබද නිවසේ පොල් ගසකට හේත්තු කර තිබූ වායු රයිපලය අතට ගත් මව එය පරීක්ෂා කිරීමට තැත් කිරීමේදී ක්‍රියාත්මක වී ඇතැයි පොලිසිය පැවසීය.

වායු රයිපලයෙන් නිකුත් වූ උණ්ඩයක් වැදීමෙන් දරුවාගේ නිකට ප්‍රදේශය තුවාල වී ඇති අතර දරුවා ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

වායු රයිපලය පත්තු වී ඇති දරුවාගේ මව මානසික ආබාධයකට ප්‍රතිකාර ගනිමින් සිටින බව දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here