ටෝකියෝ නගරයට ඊසාන දෙසින් පිහිටි ජපන් ප්‍රාන්තයේ ඉබරාකි ප්‍රදේශයෙන් රික්ටර් මාපකයේ 5.1 ක මූලික ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවක් ඇති වූ බව එරට කාලගුණ ඒජන්සිය පවසනවා.

කම්පනයේ කේන්ද්‍රය කිලෝමීටර් 10ක් ගැඹුරින් උතුරු අක්ෂාංශ 36.7 ක් සහ නැගෙනහිරින් අංශක 140.6 ක දේශාංශයක පිහිටා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජපානය මෑතකදී සිදුවිය හැකි “මෙගා කම්පනයක්” පිලිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුනද, සතියකට පසුව, එම අනතුරු ඇගවීම ඉවත් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here