‍වැල්ලවාය කොටවෙහෙරගලයාය පදිංචි පහළොස් හැවිරිදි ශිෂ්‍යාවන් දෙදෙනෙකු ඊයේ (15) සිට අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.

වැල්ලවාය ප්‍රදේශයේ ජාතික පාසලක දහවැනි වසරේ ඉගෙනුම ලබන මෙම ශිෂ්‍යාවන් දෙදෙනෙක් මෙලෙස අතුරුදහන් වී ඇති බව සඳහන්.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ කොටවෙහෙර ගලයාය ප්‍රදේශයේ පදිංචිව සිටින ශිෂ්‍යාවන් දෙදෙනෙකි.

එක් ශිෂ්‍යාවක් පාඩම්කිරීම සඳහා ඉකුත් (14) වෙනිදා සවස ඇයගේ මිතුරියගේ නිවසට පැමිණ ඇත.

පසුදින උදෑසන බලන විට දැරියන් දෙදෙනා නිවසේ සිට නැති අතර නිවසේ හිමිකාරිය විසින් ඒ පිළිබඳව වැල්ලවාය පොලීසියට පැමිණිලිකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here