ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක, මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සහීර් මවුලානා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය සහයෝගය පළකිරීමට තීරණය කර ඇත.

මල් පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදී ඒ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සිය සහයෝගය මෙසේ පළ කර ඇත.

අලි සහිර් මවුලානා මහතා 1994 දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.

මුස්ලිම් කොංග්‍රස් නායක රවූෆ් හකීම් පසුගියදා ප්‍රකාශ කළේ සිය පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාසට ලබා දෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here