
ශ්රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දියේදී අද (16) අළුයම සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසනවා.
වෙඩිතැබීමෙන් තුවාල ලද 26 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇත. ඔහු කාවන්තිස්ස පුර, ශ්රී පුර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම සඳහා T56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට අනාවරණය වී ඇති බවත් සඳහන්.
වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.








