ගුරු විදුහල්පති හිඟ වැටුප්

ජනාධිපති කාර්යාලය ඉල්ලූ ගුරු හා විදුහල්පතිවරුන්ගේ හිඟ වැටුප් සම්බන්ධ වාර්තාව අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් යවා නොමැති බව අරුණ පුවත්පත වාර්තා කරනවා.

එම වාර්තාව සකස් කිරීමට අදාළව අමාත්‍යාංශය වෘත්තීය සමිති කැඳවා පසුගිය 31 වැනිදා සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

ජනාධිපති කාර්යාලය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් එම වාර්තාව ඉල්ලා සිටියේ පසුගිය මාසයේ 19 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය. හිඟ වැටුප් ඉල්ලා ගුරු හා විදුහල්පතිවරුන් පැවැත්වූ වර්ජනයෙන් පසුව පැවැති මෙම සාකච්ඡාවට අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර සහ වෘත්තීය සමිති නියෝජිතයෝ සහභාගී වූහ.

වෘත්තීය සමිති සමග සාකච්ඡා කර හිඟ වැටුප් වාර්තාව එවන ලෙස එම සාකච්ඡාවේදී ජනාධිපති ලේකම්වරයා දැනුම් දුන් නමුත් මේ දක්වා එම වාර්තාව යැවීමට අමාත්‍යංශය පියවර ගෙන නොමැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here