ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ හරීන් ප්‍රනාන්දු මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමග ඇති වූ පුරප්පාඩුව සඳහා සමගි ජන බලවේගයේ ප්‍රබලයින් කිහිපදෙනෙක් අතර තරගයක් ඇතිව පවතින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කළේ හිස් වූ මන්ත්‍රී ධුරයට වඩාත් සුදුසු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බවයි.

එම පක්ෂයේ මහ ලේකම් ජනාධිපති නීතිඥ හිෂාම් කාරියප්පර් මහතා සඳහන් කළේ එම මන්ත්‍රී ධුරය තම පක්ෂය ඉල්ලා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here