ඇමෙරිකාවේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතර විවාදයක් පැවැත්වීමට දින නියම වී තිබෙනවා.

ඒ අනුව එම විවාදය සැප්තැම්බර් 10 වනදා පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

අමෙරිකාවේ ජනාධිපතිවරණය නොවැම්බර් 05වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට නියමිතව සිටි ජනාධිපති ජෝ බයිඩ්න් වෙනුවට ඩිමොක්‍රටික් අපේක්ෂකත්වය එරට උප ජනාධිපති කමලා හැරිස්ට හිමි වුණා.

ඒ අනුව ඇමෙරිකාවේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතර විවාදය සැප්තැම්බර් 10 වනදා  NBC රූපවාහිනි මධ්‍යස්ථානයේදී සිදු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here