මෙරට ජනගහනයෙන් 45% ක් අධි රුධිර පීඩනයට ‍ගොදුරු වී ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරකෝන් පැවසුවෙඋ අධිරුධිර පීඩනය යනු මෙරට බෝ නොවන රෝග අතරින් බහුලව දැකිය හැකි රෝගයක් බවයි.

මෙම රෝගයෙහි විශේෂිතම ලක්ෂණය වන්නේමුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ හඳුනාගැනීමට නොහැකි වීමයි. ඒ හේතුවෙන් මෙම රෝගය නිහඬ මාරයා ලෙසින්ද හඳුන්වනු ලබනවා.

රෝග ලක්ෂණ මතු වන විට රෝගය පාලනය කළ නොහැකි මට්ටමට උග්‍ර වී ඇති බවත් එමඟින් හෘදය, මොළය හා අක්ෂිවලට බරපතළ හානි සිදු විය හැකි බව වෛද්‍යවරුන් අවධාරණය කරනවා.

අධික ලුණු භාවිතය අධි රුධිර පීඩනය වැළඳීමට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන තිබෙනවා.

සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දිනකට ආහාරයට ගත යුත්තේ ලුණු ග්‍රෑම් 5ක් පමණ වුවද සාමාන්‍යයෙන් මෙරට පුද්ගලයන් දිනකට ලුණු ග්‍රෑම් 14.2ක් පමණ භාවිතයට ගන්නා බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළා.

අධි රුධිර පීඩනය වැළදීමෙන් වැළකීමට සඳහා යහපත් ආහාර රටාවක් හා ව්‍යායාම අත්‍යවශ්‍ය බව පැවසූ වෛද්‍යවරිය අවධාරණය කළේ මාස කිහිපයකට වරක් හෝ රුධිර පීඩනය මැන නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත හොත් හදිසි මරණ රැසක් වළක්වා ගැනීමට හැකියාව ලැබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here