එළඹෙන ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා දමිළ පොදු අපේක්ෂකයෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ආරියනේත්‍රන් නම් කර තිබෙනවා.

මෙම පොදු අපේක්ෂකයා දෙමළ දේශපාලන පක්ෂ හතක් සහ සෙවිලි සංවිධාන හතක් එක්ව ඉදිරිපත් කර තිබෙනවා.

එම දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන ගිවිසුම් ගත වූ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.වී. විග්නේෂ්වරන්, සෙල්වම් අඩෙක්කලනාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් සහභාගි වී සිටියා.

මේ අතර උතුරේ ප්‍රබලම දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහාය හිමිවන ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here