සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාට දැයි යන්න ලබන 14 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර තිබෙනවා.

පක්ෂයේ උත්තරීත මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගත් බවයි එම පක්ෂයේ නායක රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ.

මන්ත්‍රීවරයා සඳහන් කළේ සමගි ජන බලවේගයෙන් මෙන්ම ජනාධිපතිවරයා විසින්ද ජනාධිපතිවරණයේදී සහාය ලබා දෙන ලෙස සිය පක්ෂයෙන් ඉල්ලීම් කර තිබෙන බවයි.

නමුත් වර්තමානයේ පවතින ආර්ථිකය ඉදිරියටද රැක ගත හැකි පුද්ගලයාට සහාය දීමට තම පක්ෂය බලාපොරොත්තු වන බව ඔහු අවධාරණය කළා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පසුගිය කාල සීමාව පුරාවට රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපතිවරයා සමග ඉතා සමීප කටයුතු කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here