දඟපන්දු බළඇණියේ ප්‍රබලයා වනිඳු හසරංගට පළමු තරගය අහිමියි?
ඒ, ඔහුගේ පාදයේ කලවා ප්‍රදේශයේ මාංශ පේශීවල ඇතිවූ ආබාධයක් හේතුවෙන්.
ශ්‍රී ලංකා - බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කරමින් පළමු 20 -20 තරගය හෙට රාත්‍රී 7ට පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
කුසල් මෙන්ඩිස් සිය 06 වන එක්දින ශතකය ලබාගත්තේ මෙලෙසින්
ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගයේදීය.
තරගයේ පළමුව පන්දුවට දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටිකවේලාවකට පෙර පන්දුවාර 38 ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 205ක් ලබා සිටියා.
ඒ වන විට නොදැවී...
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කෙරේ – ලිස්ට් එක මෙන්න
චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වන අතර එම ක්‍රීඩක ලැයිස්තුව මෙන්න,
චරිත් අසලංක (නායක)
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
කුසල් පෙරේරා
කමිඳු මෙන්ඩිස්
අවිශ්ක ප්‍රනාන්දු
දසුන් ශානක
දුනිත් වෙල්ලාලගේ
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩසේ
චාමික කරුණාරත්න
මතීෂ පතිරණ
නුවන් තුෂාර
බිනුර ප්‍රනාන්දු
එෂාන් මාලිංග
වසර 29කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් පිටියේ කළ වෙනස
ඒ, ආකාරයෙන් දකුණත් පිතිකරුවන් දෙදෙනෙකු ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා ඉනිමක් ආරම්භ කර ඇත්තේ වසර 29කට පසුව වීම විශේෂත්වයක්.
එලෙස අවසන් වරට මෙවන්නක් සිදුව ඇත්තේ 1995 වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න්හිදී පැවැති තරගයදීය.
බොක්සිං දින ටෙස්ට් තරගයක් වූ එදින ශ්‍රී ලංකා ඉනිම ආරම්භ...
දසුන් ශානකට අ. ඩො. 10,000ක දඩයක් නියම කරයි
අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ මුවර්ස් සහ එස් එස් සී ක්‍රීඩා සමාජ අතර තරගය අතරතුර ඩුබායි වෙත ගොස් ජාත්‍යන්තර ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජන කිරීම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානකට අමෙරිකානු ඩොලර් 10,000ක දඩ මුදලක් ශ්‍රී ලංකා...
ශූරයන්ගේ කුසලාන තරගාවලියට දෙන මුදල් තෑගි වැඩි කරයි
අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, එම මුදල් ත්‍යාග සඳහා වෙන්කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 2.24ක්.
මේ අතර, තරගාවලියේ එක් එක්...
පන්දුවාර 50 අවසානයේ ලකුණු 282ක්
සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය අද (14) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
එහිදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 281ක්...
දෙවැනි එක්දින තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට
සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක මුලින් ම පන්දුවට පහර දීමට තීරණය කළා.
තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම 1-0ක් වශයෙන් පෙරමුණේ පසුවනවා.
සංචාරක ඔස්ට්‍රේලියානු...
ශ්‍රී ලංකා ඉනිම ලකුණු 214කට සීමා වෙයි
සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ, පළමු තරගයේ කාසිය වාසිය දිනා පළමුව පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 214ක් රැස් කළා.
එහි දී ශ්‍රී ලංකා...
මැතිව් කුනමන්ගේ ඉරියව්ව ගැන සැකයක්
ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වීමත් සමග එය නිවැරදි වන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම ඔහුට අත්හිටුවා තිබෙනවා.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී කඩුලු 16ක් ලබාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමට ඔහු...














